Thursday 18th of June 2026

English Tamil
Advertiesment


විපක්ෂ නායකට තර්ජන 


2024-07-16 14890

 

 

ජීවිතය අනතුරේ..! ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි..!

 

 

 

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව වහාම තර කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායකවරයාගේ ලේකම් ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන යන මහත්වරුන්  කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී ඉල්ලීමක් කර ඇත.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂාව මෙසේ තර කරන ලෙස ඉල්ලා ඇත්තේ ඔහුට ජීවිත තර්ජන එල්ල වී ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇතැයි කියන තොරතුරු තොරතුරු පදනම් කර ගනිමිනි.  

මේ අනුව කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර එහිදී පොලිපතිවරයා පවසා ඇත්තේ එවැනි තර්ජනයක් ගැන තමාට කරුණු වාර්තා වී නොමැති බවය.

ඒ අවස්ථාවේ දී කරුණු දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර ඇත්තේ, පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදී පවා සමහරුන් එදා කියා සිටියේ ද මෙවැනි කතා බවය.  

මෙම තර්ජන ගැන තොරතුරු දැන ගැනීමෙන් පසු විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් මහා ජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව කරුණු දක්වා ඇතත් ඊට කිසිදු පිළිතුරක් හෝ නොලැබුණු බවද  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී පෙන්වා දී ඇත.

ඉන්දියාවේ ගුජරාටියේදී අත්අඩංගුවට ගත් IS ත්‍රස්තයන් පිරිසක් විපක්ෂ නායකවරයාට එල්ල වී ඇති මෙම තර්ජන ගැන අනාවරණය කර තිබූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් හෙළිදරව් කර ඇත.

ඒ අනුව මෙම තර්ජන සම්බන්ධයෙන් කරුණු සොයා බලා විපක්ෂ නායකවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන්නැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති අතර එහිදී පොලිපතිවරයා කියා ඇත්තේ විපක්ෂ නායකවරයාට ඇති තර්ජන සම්බන්ධයෙන් වහාම වාර්තාවක් කැඳවා ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවය. 

 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment